Robotics - රොබෝ තාක්ෂණය
රොබෝ තාක්ෂණය යන වදන ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට නුපුරුදු වචනයක් උවද නූතන ලෝකය තුළ රොබෝ තාක්ෂණය නැතහොත් Robotics යන වදන නුපුරුදු වචනයක් නොවේ.
Robotics & Robots
Robotics යනු රොබෝවරුන් පිළිබද අධ්‍යනය කිරීම සදහා තිබෙන විෂය ක්ෂේත්රය වේ.
Robot යන වචනය තාක්ෂණය ලෝකය තුළ මුලින්ම අපට හදුනාගත හැකි වනුය් 1920 දශකයේදී පමන වේ. Robot යන වදන Robota යන චෙකොස්ලොවැකියානු වචනයෙන් පරිනාමය වූවකි. Robota යන්නෙහි අර්ථය වනුයේ ශ්‍රමිකයා නැතිනම් සේවකයා යන්නය.
බටහිර සිනමා කෘතීන් හා විද්‍යා ප්‍රබන්ධ වලින් අද අපට දක්නට ලැබෙන ආකාරයේ තාක්ෂණයක් සහිත රොබෝ යන්ත්‍ර සැබෑ ලෝකයේදී තිබිය නොහැකි යැයි ඇතැමෙකු සිතිය හැකිය. නමුත් අද වන විට එවැනි බුද්ධියක් සහිත රොබෝ වරුන් නිර්මාණය කිරීමට ඇමරිකාව වැනි ලෝකයේ තාක්ෂණය අතින් දියුණු රටවල් උත්සහ කරමින් සිටියි. කාර්මික විප්ලවයත් සමගම අතිවූ තාක්ෂණික දියුණුව මගින් මිනිසාගේ දෛනික වැඩ කටයුතු පහසු කරවීම සදහා විවිද ආකාරයේ උපකරණ නිර්මණය විය. නමුත් මෙම යන්ත්‍ර මෙහෙය වීම සඳහා මිනිසෙකු අනිවාර්යයෙන්ම සිටිය යුතු විය. රොබෝ තාක්ෂණයද දියුණු කරන ලද්දේ මිනිසාගේ දෛනික වැඩ කටයුතු පහසු කරවීම සදහා වේ. නමුත් මෙහි අති විශේෂත්වය වනුයේ රොබෝ කෙනෙකු මෙහෙය වීම සදහා මිනිසෙකු අත්‍යාවශ්‍ය නොවීමයි. එයට හේතුව වනුයේ රොබෝ යන්ත්‍රයකට බුද්ධියක් පැවතීමයි. මෙම බුද්ධිය කෘතීම බුද්ධිය (Artificial Intelligent) නමින් හැදින්වේ. එම නිසා අනාගතයේ නිවසක සියලුම කටයුතු රොබෝ යන්ත්‍රයක් විසින් පාලනය කිරෙමට හැකියාවක් නැතැයි කිව නොහැකිය. නමුත් මේ ආකාරයෙන් මිනිසාගේ සියලුම ක්‍රියාවන්ගේ පාලනය රොබෝ යන්ත්‍ර අතට පත් වුවහොත්
අතැම් විද්‍යා ප්‍රබන්ද නවකත සහ සිනමා කෘතීන් හී දක්නට අති ආකාරයට රොබෝ වරුන් විසින් මිනිසුන්ව ආක්‍රමණය කරනු අතැයි රොබෝ තාක්ෂණය පිළිබද පර්යේෂණ පැවත්වූ මුල් අවදියේදී විද්‍යාඥයින් අතර ප්‍රශ්නාර්ථයක් පැන නැගිණි.
එයට විසඳුමක් ලෙස විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු වන අයිසැක් අසිමොව් (Isaac Asimov) විසින් 1942 දී රොබෝ තාක්ෂණය පිලිබද නියමයන් 3 ඉදිරිපත් කරන ලදි.
The Three Laws of Robotics – “Asimov's Laws”
A robot may not injure a human being or, through inaction, allow a human being to come to harm.
A robot must obey the orders given to it by human beings, except where such orders would conflict with the First Law.
A robot must protect its own existence as long as such protection does not conflict with the First or Second Law.
ඉහත නියමයන් තාක්ෂණයේ අවශ්‍යතාවයන් සදහා අද වනවිට යම් යම් වෙනස්කම් වලට භාජනය වී අතිමුත් රොබෝ යන්ත්‍ර මිනිසා අභිබවා නොයා යුතුය යන මතයෙහි ලොව බොහෝ විද්වතුන් සිටියි.
කෙසේ වෙතත් නූතන ලෝකයේ පවතින කාර්යබහුල ජීවන රටාව සරල කිරීම සදහා රොබෝ තාක්ෂණය (Robotics) වර්ධනය කිරීම තුලින් විසදුමක් ලබා දීම සදහා ලොව පුරා සිටින විද්‍යාඥයින් තාක්ශණවේදීන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට රොබෝ තාක්ෂණය ලෝකයෙහි තිබෙන ප්‍රධාන ක්ෂේත්රයන් හි එනම් වෛද්‍ය විද්‍යව, අභ්‍යාවකාශ විද්‍යව, කර්මාන්ත ක්ෂේත්රය වැනි ප්‍රධාන ක්ෂේත්රයන් හි හා යුදමය කටයුතු සදහා අත්‍යාවශ්‍ය අංශයක් බවට පත්වී හමාරය.
උදාහරණ ලෙස :-
Surgery Robots
අද වන විට වෛද්‍ය විද්‍යව තුල ඉතා සූක්ෂ්යම ලෙස ශල්‍යකර්ම සිදු කිරීම සදහා රෝබෝවරුන් භාවිතා කිරීමේ ප්රවණතවයක් ඇත.
Factory Robots
කර්මාන්තශලා තුල යන්ත්‍ර කොටස් එකලස් කිරීමේ ක්‍රියාවලිය සදහා Robot Arm භාවිත කිරීම.
Space Robots
අඟහරු ග්‍රහයාගේ පර්යේෂණ කටයුතු සදහා සහ ජාත්‍යන්තර අභ්යාවහාශ මධ්‍යස්ථනයේ නඩත්තු කටයුතු සදහා රොබෝ වරුන් යවීම.
Military Robots
ඇමරිකාව, රුසියාව වැනි ලොව යුධමය අතින් බලවත් ප්රමුඛස්ථනයේ සිටින රටවල් තම යුදමය කටයුතු සදහා රොබෝවරුන් භාවිතා කිරීමේ ප්‍රවණතවක් දක්නට ලැබේ.
Why use Robot
යම් යම් කාර්යයන් සිදු කිරීමේදී මිනිසුන් යොදා ගැනීමට වඩා රොබෝ වරුන් යොදා ගැනීම මගින් අද ලෝකයේ පවතින කාර්යබහුලත්වය සදහා මනා විසදුමක් වේ. මෙහිදී තිබෙන විශේෂම වාසි නම්,
නිරවද්‍යතාවය
අවදානම් ක්රියාවන්හී යෙදවීමේ හැකියාව( Military කටයුතු වලදී / විද්‍යාත්මක පර්යෙෂණ සදහා)
වෙහෙසට පත් නොවීම.
කාර්යක්ෂම බව.
දැක්විය හැකිය.
Our Science & Technology
ඉහත සදහන් කරුණු හේතුවෙන් නූතන ලෝකයේ දියුණු රටවල් මේ මොහොත වන විටද රොබෝ තාක්ෂණයේ ඉදිරි ගමන සදහා විවිධාකාරයේ පර්යේෂණයන්හි නිරත වෙමින් සිටියි.
කෙසේ වෙතත් ලෝකයේ බලවත් රටවල් තුල මේ වනවිට පවතින තාක්ෂණය හා සසඳන විට ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් පවතිනුයේ එම තාක්ෂණයේ මූලික අදියරයෙහි වේ. අද වන විට අන්තර්ජාලයේ ආගමනයත් සමගම අප රටේ තාක්ෂණය අතින් යම් ආකාරයකට යාවත්කාලීන වී අතැයි සිතිය හැකිය. නමුත් ඇමරිකාව, රුසියාව වැනි බටහිර ලෝකයේ ප්‍රබල රටවල් තුල අද දින පවතින තාක්ෂණය හා සසඳන කල අප රට වැනි පෙරදිග රටවල් පවතිනුයේ තාක්ෂණය අතින් ඉතාමත් දිළිදු අවදියේ යැයි කිව හැකිය. එයට ප්‍රධානම හේතුව වනුයේ බටහිර සංස්කෘතිය ප්‍රධාන කොටගෙන ඔවුන් විසින් සාදන ලද බටහිර විද්‍යව හා එහි ප්‍රායෝගික යෙදුම වන තාක්ෂණය පෙරදිග රටවල මිනිසුන්ට හා ඔවුන්ගේ චින්තන ධාරව සමග හරි ආකාරයෙන් බද්ධ නොවීමයි. ශ්‍රී ලංකාව වැනි පෙරදිග රටවල් තාක්ෂණය අතින් සංවර්ධනය වීමට නම් එම රටවල් වලට උචිත වූ ආකාරයක්/ ක්‍රමයක් ගොඩ නගා ගත යුතුය.
ඉහත හේතු මත අප රට තාක්ෂණය අතින් සංවර්ධනය කිරීම සදහා අපේම ක්‍රමයක් නැතිනම් අපගේ චින්තනයට ගැලපෙන ක්‍රමයක් සෑදිය යුතුය.
Our Representation –
Catalyst Technologies
අප ආයතනය විසින් (Catalyst Technologies) ඉහත භාරදූර කර්තව්‍යය අතට ගෙන කටයුතු කිරීමට මේ වනවිට ආරම්භ කර ඇත. එහි ප්‍රථම පියවර ලෙස ලෝකයේ මේ මොහොත වන විටද පර්යේශණයන්ට ලක්වන තාක්ෂණයක් වන රොබෝ තාක්ෂණය මූලික කොට ගෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කොට ඇත.
මෙහිදී අප නූතන ලෝකයේ හැරවුම් ලක්ෂය වන රොබෝ තාක්ෂණයට මූලිකත්වය දී කටයුතු කරනු ලැබේ.
මෙම වැඩමුළු මාලාව මගින් අප ආයතනයෙහි ලියාපදින්චි කරගන්න සිසු සිසුවියන් හට පහත ඛාණ්ඩ යටතේ රොබෝ තාක්ෂණය හා අනෙකුත් තාක්ෂණයන් පිළිබඳ හදෑරීම් සිදු කල හකිය.
Fundamental Training Programs
JUNIOR ROBOTICS TRAINING PROGRAM - Grade 6, 7, 8
APPLIED ROBOTICS TRAINING PROGRAM - Grade 9, 10, 11
Advanced Training Programs
INTERFACING MICRO CONTROLLER WITH ADVANCED ROBOTICS - Grade 12, 13 & After A/L and O/L
ROBOTICS & INDUSTRIAL AUTOMATION TRAINING PROGRAM - Researchers/Industry Engineers & Any Enthusiasts Interested in Robotics
ඉහත දෙවන ඛාණ්ඩය වන Advanced Training Programs අවසානයෙහි තෝරාගනු ලබන විශේෂිත සිසුන් කිහිපදෙනෙකු අප ආයතනයේ විශේෂිත පර්යේෂකයන් විසින් පවත්වාගෙන යනු ලබන විශේෂිත පර්යේෂණ කන්ඩායම (Advanced Technology Research & Inventing Team - ATRIT) හා සම්භන්ද වීමට අවස්තාව සලසා දෙනු ලැබේ.
Advanced Technology Research & Inventing Team - ATRIT
මෙය අප ආයතනයේ විශේෂිත පුහුණුවක් ලැබූ පර්යේෂකයන් පිරිසක් විසින් මෙහෙයවනු ලබන මේ වන විට ලෝකයේ විද්‍යාඥ්යින් විසින් පර්යේෂණ සදහා භාජනය කරණු ලබන සහ දැනට පර්යේෂණ මට්ටමේ නොමැති නව සංකල්ප පිළිබද පර්යේෂණ පැවැත්වීම සදහා අප ආයතනය විසින් පිහිටුවා ඇති ඒකකයක් වේ.
මෙහි ප්‍රධාන පරමාර්ථය වනුයේ අප රට තුල නව සංකල්ප ගොඩනැගිය හැකි පිරිසක් බිහි කිරීම හා එමගින් ලෝකයේ වෙසෙන සියලු ජීවීන්ගේ යහ පැවැත්ම සදහා සුවිශේෂී දායකත්වයක් ලබා දීමයි.







